Skip to main content

Posts

Showing posts from March, 2020

නිපුනණතාව 10 - Multi media තාක්ෂණය උපයෝගී කර ගනිමින් වෙබ් අඩවි සංවර්ධනය කිරීම

Introduction ලෝක විසිරි වියමන  (WWW) අන්තර්ජාලය මගින්  සපයන සේවාවන් අතර වඩාත්  ජනප්‍රිය සේවාවක් ලෙස World Wide Web (WWW) හඳුන්වන්න පුළුවන්.Computer Servers තුළ ගබඩා කර ඇති විද්‍යුත් ලේඛන සමූහයක එකතුවක්  ලෝක විසිරි වියමන ලෙස   හඳුන්වනවා මෙම  විද්‍යුත් ලේඛන වෙබ් අඩවි ලෙස   හඳුන්වනවා.ප්‍රවෘත්ති අ ධ්‍යාපන ව්‍යාපාරික සමාජීය   හා සෞඛ්‍ය  ආදී සෑම අංශයකටම අදාළ තොරතුරු මිලියන ගණනක් වෙබ් අඩවි ලෙස ලෝක විසිරි වියමන තුළ  තිබෙනවා මෙම වෙබ් අඩවි තුල අන්තර්ගත තොරතුරු සොයා බැලීමටවෙබ් අතිරික්සුව  (WEB Browser) නම් වන මෘදුකාංගයක්  අවශ්‍ය වෙනවා.  වෙබ් අතිරික්සුවක්  කියන්නේ   පරිගණක  යෙදුම්  මෘදුකාංගයක් (Application Software).  තමා කැමති වෙබ් අතිරික්සුවක් පරිගණකයේ ස්ථාපිත කරගෙන  අවශ්‍ය අවස්ථාවේ දී වෙබ් අඩවි වලින් තොරතුරු සොයා ගැනීමට භාවිතා කළ හැකි වෙනවා.  වෙබ් අඩවි ආකාර (types of website) අන්තර්ජාලයෙහි පවතින වෙබ් අඩවි  ඒවායෙහි ස්වභාවය හා අරමුණ අනුව වර්ග කරන්න  පුළුවන්.   උදාහරණ විදියට  තොරතුරු හා ප්‍රවෘත්ති වෙබ් අඩවි පෞද්ගලික වෙබ් අඩවි අධ්‍යාපනික වෙබ් අඩවි ව්‍යාපාරික වෙබ් අඩවි පර්යේෂණ