Skip to main content

අදාන උපාංග - මූසිකය(MOUSE) සහ යතුරුපුවරුව(KEYBOARD)


මූසිකය(MOUSE)

මුසිකය යනු පරිගණක තිරයෙහි ඇති අයිතමයන්ට යොමුවීමට සහ ඒවා තේරීමට භාවිත කරන කුඩා උපාංගයකි. මුසික විවිධ හැඩයන්ගෙන් යුක්ත වුවද, සාමාන්‍ය මුසිකය දැකිය හැකි වනුයේ නියම මීයෙකුහට සමාන ලෙසය. එය කුඩා, දිගටි වන අතර, වලිගයක් සේ පෙනෙන දිගු රැහැනකින් පද්ධති ඒකකයට සම්බන්ධවී ඇත.



සමහරක් අලුත් මුසික රැහැන් රහිතය.


මූසිකය සාමාන්‍යයෙන් මුසිකයකට බොත්තම් දෙකක් ඇත: ප්‍රාථමික බොත්තම (සාමාන්‍යයෙන් වම් බොත්තම)
 සහ ද්විතීයික බොත්තම
. බොහෝ මුසිකවල බොත්තම් දෙක අතර රෝදයක් ඇත, එමගින් තොරතුරු සහිත තිරයෙහි පහසුවෙන් අනුචලනයවීමට ඔබට ඉඩ සලසයි.

මූසික දර්ශක
ඔබේ අතින් මුසිකය ගෙනයන විට, එම දිශාවටම දර්ශකයක් තිරයෙහි චලනය වෙයි. (තිරයෙහි දර්ශකය තිබෙන තැන අනුව එහි පෙනුම වෙනස් විය හැකිය.) ඔබට අයිතමයක් තෝරා ගැනීමට අවශ්‍යවූ විට, අයිතමයට යොමු කර ඉන්පසු ප්‍රාථමික බොත්තම ක්ලික් කරන්න (ඔබා අත හරින්න).

 ඔබේ පරිගණකය සමග සම්බන්ධවීමට ඇති ප්‍රධානම මාර්ගය වන්නේ ඔබේ මුසිකයෙන් එයට යොමු කර ක්ලික් කිරීමයි. වැඩි තොරතුරු සඳහා, ඔබේ මූසිකය භාවිතය බලන්න.


යතුරුපුවරුව(KEYBOARD)

යතුරුපුවරුව මූලික වශයෙන්ම භාවිත කරනුයේ ඔබේ පරිගණකයෙහි පෙළක් ටයිප් කිරීමටයි. යතුරු ලියනයක ඇති යතුරුපුවරුව මෙන්, එහි අකුරු සහ ඉලක්කම් සඳහා යතුරු පවතියි, නමුත් එහි විශේෂිත යතුරුද ඇත:
  • ක්‍රියාදාම යතුරු-control keys, ඉහළම පේළියෙහි හමු වේ, භාවිත කරන ස්ථානය මත පදනම්ව ඒවා විවිධ ක්‍රියාදාම සිදු කරයි.
  • සංඛ්‍යා යතුරුපෑඩය-numeric keys, බොහෝ යතුරු පුවරුවල දකුණු පසින් පිහිටා ඇත, ඒ මගින් ඉලක්කම් කඩිනමින් ඇතුල් කිරීමට ඉඩ දෙයි.
  • ඊතල යතුරු වැනි, මං සෙවුම් යතුරු-navigation keys , ලේඛයක හෝ වෙබ් පිටුවක ඔබ සිටින තැනින් එහා මෙහා යාමට ඉඩ දෙයි.
යතුරුපුවරුව

ඔබට මුසිකයකින් සිදු කළ හැකි බොහෝ කාර්යයන් සිදු කිරීමට, යතුරුපුවරුව භාවිත කළ හැකිය. වැඩි තොරතුරු සඳහා, ඔබේ යතුරුපුවරුව භාවිතය බලන්න.

Comments

Popular posts from this blog

නිපුනණතාව 10 - Multi media තාක්ෂණය උපයෝගී කර ගනිමින් වෙබ් අඩවි සංවර්ධනය කිරීම

Introduction ලෝක විසිරි වියමන  (WWW) අන්තර්ජාලය මගින්  සපයන සේවාවන් අතර වඩාත්  ජනප්‍රිය සේවාවක් ලෙස World Wide Web (WWW) හඳුන්වන්න පුළුවන්.Computer Servers තුළ ගබඩා කර ඇති විද්‍යුත් ලේඛන සමූහයක එකතුවක්  ලෝක විසිරි වියමන ලෙස   හඳුන්වනවා මෙම  විද්‍යුත් ලේඛන වෙබ් අඩවි ලෙස   හඳුන්වනවා.ප්‍රවෘත්ති අ ධ්‍යාපන ව්‍යාපාරික සමාජීය   හා සෞඛ්‍ය  ආදී සෑම අංශයකටම අදාළ තොරතුරු මිලියන ගණනක් වෙබ් අඩවි ලෙස ලෝක විසිරි වියමන තුළ  තිබෙනවා මෙම වෙබ් අඩවි තුල අන්තර්ගත තොරතුරු සොයා බැලීමටවෙබ් අතිරික්සුව  (WEB Browser) නම් වන මෘදුකාංගයක්  අවශ්‍ය වෙනවා.  වෙබ් අතිරික්සුවක්  කියන්නේ   පරිගණක  යෙදුම්  මෘදුකාංගයක් (Application Software).  තමා කැමති වෙබ් අතිරික්සුවක් පරිගණකයේ ස්ථාපිත කරගෙන  අවශ්‍ය අවස්ථාවේ දී වෙබ් අඩවි වලින් තොරතුරු සොයා ගැනීමට භාවිතා කළ හැකි වෙනවා.  වෙබ් අඩවි ආකාර (types of website) අන්තර්ජාලයෙහි පවතින වෙබ් අඩවි  ඒවායෙහි ස්වභාවය හා අරමුණ අනුව වර්ග කරන්න  පුළුව...

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හඳුනා ගනිමු

  තොරතුරු හා සන්නිවේදන  තාක්ෂණය   තාක්ෂණය භාවිත කළ යුතු  වන්නේ ඇයි ?